Pages

Friday, May 11, 2012

සුබම සුබ උපන්දිනයක් වේවා අපෙ අම්මා....!!!!!!!!


මිනිස් වූ නොමිනිසුන් මැද මං දහස්වර වැලපෙන්නැතී....
මා හැඬූ හැම වාරෙදිම ඔබ මා නිසා වැළපුණු හැටී.......
අපට නොදැනී අපට නොකියා සිතින් ඉහිලූවත් ගිනී.......
කිසිම අඩුවක් නොකර අපගේ කුසේ ගිනි නිවලූ හැටී.......!!



කඳුළු බිඳුවක් හෙලන්නෑ මං ඒ නුඹෙ රුහිරම නිසා....
මගේ සිත බිඳ ගන්නෙ නෑ මට වඩා නුඹ දුක් වන නිසා.....
සතුට දකිනට පින් කලා මං නුඹෙ පැතුම් ඉටු කල නිසා.......
අපි ගොඩක් වාසනාවන්තයි ඔබ අපෙම අම්මා නිසා .....!!!


අපේ ජීවිත නැවුම් හුස්මෙන් පුරවනා පණ නල ඔබයි....
මේ පුංචි පැල සිනා ඇතිරූ සොඳුරු තම ගීතය ඔබයි.....
ආදරය මැද ගෙවුනු දිවිමඟ පනස් සය වසරට ලබයි....
දිගාසිරි ලැබ වැජඹෙන්න නිති අපේ ලොව රැජිණිය ඔබයි.......!!!!




Tuesday, May 1, 2012

~~පුන් සඳේ අපි තවම සසරෙ සොයනෙමු නිවන්~~




නීල ආකාසයේ පෑයු පුන් සිසි වතේ.....
පින් පාට එදා මෙන් අදත් නොමැකී තියේ....
ලුම්බිනියේ මිහි මතේ පිපුණු පියුමන් සතේ....
මහරු සිදුහත් කුමරු වැඩි මොහොත සිහි වෙතේ....

ගිහි ගෙයම කලකිරී අභීනික්මන යෙදුන....
උතුම් දින බෝසතුන් වතේ සුපහන් හැඟුම.....
දකින්නට පින් පිරූ සුපින්බර සඳ මඬල....
එළි කලා මඟ දෙපස බෝසතුන් පිය නඟන.....

සියළු කෙළෙසුන් නිවා සිතම දමනය කලා.....
අමිල දහමක් අපේ තුන් ලොවට ඉපදුනා.....
පුන් සඳම උතුම් වූ බුදු රැසින් නැහැවුනා....
බුදු රදුන් දකින්නට සඳ එදත් පින් කලා.....

පලමු දම් දෙසුම වෙත දෙව් බඹුන් ඇදෙද්දී....
තාරපති අහස් කුස සිසාරා බැබලුණා.....
සාදු සාදූ හඬින් සවන් පත් පිරෙද්දී.....
පහන් වී දම් අසා සව් සතම සැනහුණා......

ලොවම අඳුරුව ගියා නිනව්වක් නෑ ඉතින්.....
ඇත කොණකටම වී සඳත් සිටියා සොවින්.....
පිරිනිවන ලං වෙලා මුළු ලොවම වී ගිලන්.....
පුන් සඳේ අපි තවම සසරෙ සොයනෙමු නිවන්.....!!!!

Thursday, April 5, 2012

මිය ගිය සිතුවිලි.........!!!!!!!

නුඹෙ සැප දුක හොයපු හිතම අදින් පසුව ගොළු වේවී....
නුඹ දුන් දුක දැරූ නෙ'තඟ ගැලු කඳුළැලි නිම වේවී.......
මා නිසසල බව දැනුනම නුඹගේ සුසුමන් පාවී.......
මගේ වතේ දැවටෙද්දී මට ඒ බව නොදැනේවී.......!!!!

සැවොම හඬන නිසා ඉතින් බොරු කඳුළැලි හෙලන්නෙපා...
මගෙන් මිදුණු සතුට වෙතොත් සිනහා සඟවන්න එපා....
යළි සසරෙදි හමු වූවොත් මේ ලෙස දුක් දෙන්න එපා....
මා මෙලොවින් නික්මෙන දා නෑවිත් නම් ඉන්න එපා....

කවදා හෝ මියෙනා බව නුඹ හට අමතක වුනාද...?
එක සිනහා පොදක් නුඹෙන් ලබන්න පින් මදි වුනාද....?
මේ හදවත කවදා හරි නවතින බව නොහැඟුනාද....?
පියවද්දිත් නෙත පිරි තෙත නුදුටුව සේ හිඳියි නේද....?

Saturday, March 17, 2012

නුඹත් සිටියා නම්......!!!!!!!!!


මේ සිඳු රළ මුමුණන හැටි එදා නංගි හිනැහුණු හැටි.....
රළ ඇවිදින් පිය සටහන් මකා දමා දිව ගිය හැටි.....
වෙර වගෙයි හිතත් මගේ නුඹ ගැන මතකක් නැති හැටි.....
ඒත් නුඹත් සිටියා නම් කියා හිතට හිතෙනා හැටි.....!!!!!




රළ'විත් දඟකාර කමට මගේ දෙපා සිඹ යනවිට....
සිතුනේ නෑ නිකමටවත් නුඹත් යාවි කියා, සිතට....
මගේ හිතේ කහටක් නෑ නංගි මගේමයි සදහට....
මා සිත තුළ නුඹ ගත් ඉඩ ඇතේ, නුඹව වැඩි නෑ මට.....

Tuesday, February 28, 2012

දුරු රට සිටින නුඹ හට.............


සඳ තරු නුඹ දකින පැයේ
හිරු මට තනි රකින අරුම........
සඳු වඩිනා විට මගෙ ලොව 
නුඹ දිනිඳුන් දකින අරුම.........
ඈත දුරක සිටියද නුඹෙ
සෙනෙහස මට දැනෙන තරම..........
කියා ගන්න වදන් සොයමි
සඳ හිරු පවතිනා තුරුම...........

හීන පිරුණු නුඹේ හිතේ මං ගැන සුබ සිහිනත් ඇති.......
ඒ හීනෙට පණ දෙන්නට මා නුඹ ලඟ නවතින්නැති........
හුස්ම වැටෙන තුරා මගේ හදවත පිරි නිම් හිම් නැති..........
සෙනෙහස් දිය නුඹෙ දිවිමඟ සිහිලෙන් පුරවාලනු ඇති......

Sunday, February 5, 2012

නුඹ මිස අන් කිසිවෙකු නැති.......!!!!!!!

මටම හිතැති මගෙ දිනපති
ලොව එළි කල මගෙ තරුපති.....
සිනා සපිරි මේ හදවත
නුඹටම මිස කාට අයිති....



නුඹේ සිනා දකිනා නිති
දිවිය පුරා මට තනි නැති........
නුඹ ලඟ රැඳෙනා මොහොතෙදි
මුළු ලොව මගෙමයි සිත ඇති.........
මගෙ හද තුළ නිදන්ව ඇති 
නුඹ මිස අන් කිසිවෙකු නැති........
රන් සම වූ ඔය සිත තුළ 
රැඳෙන්න මා පින් කර ඇති........

Wednesday, February 1, 2012

නුඹෙ සිනහව වටිනව මට අන් හැම දේකටම වඩා මගේ පුංචි නංගියෝ......!!!!!!!!!

තමන්ගේම ලේ නොවුනට මමත් උඹේ අක්ක තමා
නුඹෙ සිනහව වටිනව මට අන් හැම දේකටම වඩා
පුලුවන් නම් කියා දෙන්න තමන්ගෙ හදවතින් අසා
අක්කා වෙච්චි මම නුඹහට අහිතක් කෙරුවාද කියා



නුඹෙ සතුටම නිති පතාපු මා කෙරුවේ වරදක් නම්
අහිතක් නෑ අක්කා වුණු මේ හිත ගෙන මං යන්නම්
කවදා හරි අක්කගෙ හිත වැටහුණු දිනයක් ඒ නම්
සමාව පිරි නුඹෙ සිත් අහසට ආයිත් ගොඩ වෙන්නම්