Pages

Saturday, March 17, 2012

නුඹත් සිටියා නම්......!!!!!!!!!


මේ සිඳු රළ මුමුණන හැටි එදා නංගි හිනැහුණු හැටි.....
රළ ඇවිදින් පිය සටහන් මකා දමා දිව ගිය හැටි.....
වෙර වගෙයි හිතත් මගේ නුඹ ගැන මතකක් නැති හැටි.....
ඒත් නුඹත් සිටියා නම් කියා හිතට හිතෙනා හැටි.....!!!!!




රළ'විත් දඟකාර කමට මගේ දෙපා සිඹ යනවිට....
සිතුනේ නෑ නිකමටවත් නුඹත් යාවි කියා, සිතට....
මගේ හිතේ කහටක් නෑ නංගි මගේමයි සදහට....
මා සිත තුළ නුඹ ගත් ඉඩ ඇතේ, නුඹව වැඩි නෑ මට.....