Pages

Sunday, January 29, 2012

නුඹ නොදනී.....මුළු ලොවත් නොදනී....!!! මා නුඹට, නුඹේ මිතුදමට මේ තරම් ආදරේ වග....!!!

සත්තමයි නුඹ මට මහමෙරක් තරම් වටිනා වග
නුඹේ මිතුදමට මා වදනකින් කිව නොහැකි තරමටම ආදරේ කරනා වග
නුඹ නොදනී.....මුළු ලොවත් නොදනී....!!!
පුදුමයි මට නම් මං ගැනම.....
කිසිවකුත් නොපවසා කිසිවකුත් අඟවන්නේ නැතිවම 
මගේ හිත හිඳිනා අපූරුව.....

ඇත්තටම නුඹ නම්......
මොන තරමට වැඩ තිබුණත්....කොච්චර මහන්සියෙන් හිටියත්...
මගේ ජීවිතේ දුක කඳුල හරිම පරිස්සමෙන් අහන් ඉඳලා.....
මගේ හිත හදන්න දෙන එක පිලිතුරම ඇති....මට....!!!


අද වෙනතුරු නුඹෙ හඬවත් නොඇසුවාට...
නුඹව දෙනෙතින් සජීවි ව නොදැක්කාට......
මේ තරමටම නුඹේ මිතුදම මට වටින්නේ.....
ඇත්තටම නුඹ හොඳම හොඳ මිතුරෙක් බව මට දැනෙන නිසාමයි.....
ඒ මිතුරුකම මුළු ජිවිත කාලය පුරාවටම මගේ ලඟින්ම තියාගන්නට ඇත්නම්....
සත්තමයි....මං ගොඩාක් වාසනාවන්ත වේවි....!!!





Friday, January 20, 2012

මිතුදමට ලියැවුණු කවි පද......!!!!!!!



"....විසිර ගිය පැතුමෙන් බිඳුණු හද
සෙමෙන් පිරිමැද දයාවෙන්.....
සුමුදු වදනින් නිබඳ සනසා
මුවට කැන්දා සිනාවන්.....
නෙත'ඟ රැඳි උණු කඳුළු පිසලා
මුදා මා හුදකලාවෙන්.....
මියෙන්නට ගිය සිතට පණ දුන්
මගේ සොයුරිට ගොඩක් පින්.....!!!


නිල් මිණකට වඩා වටින නුඹේ පුංචි ඔය හදවත....
ආදරයෙන් මා වෙත පෑ අගනා මිතුදම් සෙනෙහස.......
ලබන්න පින් කරන්න ඇති සසර පුරා නොවී සසල......
පතනෙමි මම මුලු හදින්ම අවිහිංසක එකම පැතුම....
උපදින හැම භවයකදිම වේවා ඔබ මගේ මිතුර......!!!!
!

Tuesday, January 17, 2012

මගෙ අම්මා.....ඉක්මණට සනීප වෙන්න ඕන හොඳේ.....!!!!!!! ♥♥

මේ වැටෙන කඳුළු බිඳු
මගෙ හිතට මොන තරම්
බර වැඩිද දැනේ නම්
සත්තමයි කිසි දිනෙක
අඬන්නේ නෑ ඔහොම...

සිනාසෙන මුත් සැවොම සමඟින්
හදේ සිනහව නැතේ අහලක
දකින විට ඔබෙ මැලව ගිය වත
කෙසේ හිඳිම්ද සිනාසී මම.......

අප දනිමු අප සැම නිබඳ පවසන්නෙ 
නුඹ බිය නොවිය යුතු බව
ඒත් අම්මේ දැනේ මට නම් 
ඔබේ සිත තුල රැඳී ඇති බර.......
ගෙවෙන හැම මොහොතක්ම ගානේ 
පතන්නේ ඔබෙ නිරෝගී බව
මේ තරම් නෙත් යුග වටින්නේ 
නිසාදෝ අපි නුඹෙ ඇස් දෙක..... !!!!!



අම්මට තමන්ගේ දරුවො තමන්ගේ ඇස් වගේම වටිනවා...අපෙ අම්මට එක ඇසක් එක පාරටම නොපෙනී යන බව දැනුනම හිත කොච්චර වේදනාවෙන් පිරුනද කියල මට දැනුනා....අපි දන්නවා ඒක සනීප කරගන්න පුලුවන්..ඒ සැත්කම අමාරු එකක් නෙවේ....

ඒත් අම්මේ....
අම්මට ගොඩක් දුක අම්මා ගොඩාක් අපිට ආදරේ නිසාමයි...රෝහලේ නවතින්න ගිහින් එහෙ නැවතිලා ඉන්න දවස් 2,3 දිත් අම්මගෙ හිත තියෙන්නෙ මෙහෙ තාත්තයි අපි දෙන්න ලඟ බවයි අපි දන්නවා...

අපිට පාළු හිතේවි අම්මේ...මෙ ගිරවීයෝ දෙන්නා නැතිව අම්මටත් ගොඩාක් පාළු දැනේවි....

ඒත් අම්මා හොඳටම සනීප වෙලා එන්නකෝ....අපි අම්මා ලඟින්ම ඉදන් අම්මාව ආදරෙන් බලා ගන්නවා.....

ඉතින්..,
මගෙ අම්මා.....ඉක්මණට සනීප වෙන්න ඕන හොඳේ.....!!!!!!! ♥♥