Pages

Tuesday, February 28, 2012

දුරු රට සිටින නුඹ හට.............


සඳ තරු නුඹ දකින පැයේ
හිරු මට තනි රකින අරුම........
සඳු වඩිනා විට මගෙ ලොව 
නුඹ දිනිඳුන් දකින අරුම.........
ඈත දුරක සිටියද නුඹෙ
සෙනෙහස මට දැනෙන තරම..........
කියා ගන්න වදන් සොයමි
සඳ හිරු පවතිනා තුරුම...........

හීන පිරුණු නුඹේ හිතේ මං ගැන සුබ සිහිනත් ඇති.......
ඒ හීනෙට පණ දෙන්නට මා නුඹ ලඟ නවතින්නැති........
හුස්ම වැටෙන තුරා මගේ හදවත පිරි නිම් හිම් නැති..........
සෙනෙහස් දිය නුඹෙ දිවිමඟ සිහිලෙන් පුරවාලනු ඇති......

Sunday, February 5, 2012

නුඹ මිස අන් කිසිවෙකු නැති.......!!!!!!!

මටම හිතැති මගෙ දිනපති
ලොව එළි කල මගෙ තරුපති.....
සිනා සපිරි මේ හදවත
නුඹටම මිස කාට අයිති....



නුඹේ සිනා දකිනා නිති
දිවිය පුරා මට තනි නැති........
නුඹ ලඟ රැඳෙනා මොහොතෙදි
මුළු ලොව මගෙමයි සිත ඇති.........
මගෙ හද තුළ නිදන්ව ඇති 
නුඹ මිස අන් කිසිවෙකු නැති........
රන් සම වූ ඔය සිත තුළ 
රැඳෙන්න මා පින් කර ඇති........

Wednesday, February 1, 2012

නුඹෙ සිනහව වටිනව මට අන් හැම දේකටම වඩා මගේ පුංචි නංගියෝ......!!!!!!!!!

තමන්ගේම ලේ නොවුනට මමත් උඹේ අක්ක තමා
නුඹෙ සිනහව වටිනව මට අන් හැම දේකටම වඩා
පුලුවන් නම් කියා දෙන්න තමන්ගෙ හදවතින් අසා
අක්කා වෙච්චි මම නුඹහට අහිතක් කෙරුවාද කියා



නුඹෙ සතුටම නිති පතාපු මා කෙරුවේ වරදක් නම්
අහිතක් නෑ අක්කා වුණු මේ හිත ගෙන මං යන්නම්
කවදා හරි අක්කගෙ හිත වැටහුණු දිනයක් ඒ නම්
සමාව පිරි නුඹෙ සිත් අහසට ආයිත් ගොඩ වෙන්නම්