Pages

Sunday, February 5, 2012

නුඹ මිස අන් කිසිවෙකු නැති.......!!!!!!!

මටම හිතැති මගෙ දිනපති
ලොව එළි කල මගෙ තරුපති.....
සිනා සපිරි මේ හදවත
නුඹටම මිස කාට අයිති....



නුඹේ සිනා දකිනා නිති
දිවිය පුරා මට තනි නැති........
නුඹ ලඟ රැඳෙනා මොහොතෙදි
මුළු ලොව මගෙමයි සිත ඇති.........
මගෙ හද තුළ නිදන්ව ඇති 
නුඹ මිස අන් කිසිවෙකු නැති........
රන් සම වූ ඔය සිත තුළ 
රැඳෙන්න මා පින් කර ඇති........

2 comments:

  1. ගොඩක් ලස්සනයි අක්කේ.....
    දිනපතිත් , තරැපතිත් නිසා ඔය සතුට හැමදාම ඔය විදියටම පවතීවා අක්කේ..

    ReplyDelete
  2. බොහෝම ස්තූතියි නංගියෝ....
    එහෙම වාසනාවන්තයෙක් නම් තවම නෑ ඉතින්....:)

    ReplyDelete