Pages

Saturday, August 25, 2012

~~~~සංසාර බැමි~~~~


දහම් පාසල් ගිය දවස් වල දහම් පොත් ඇසුරම ලබා....

බුදු සමිඳුගේ උතුම් බණ පද අරුත් නිති සිහිපත් කලා...

බැඳෙන්නට රිසි නොවේ කිසිවක දුකම ඇත අවසන සිතා..

උපාදානය ලිහිල් කොට සැනසුම් සුසුම් හෙළුවෙමි එදා.....!!!




බොළඳ වී බැඳුමන් වලට ලොබ සිත දුකින් මුසපත් වෙලා  ඇති...

කරුණු පහදා වෙහෙස වී මුත් ගල්ව ගිය සිත් මෙලෙක් වී නැති..

මඳක් නතරව වෙහෙස නිවමින් ඇයිද මෙතරම් කඳුළු විසිරෙති...

වැටහිලා ඇත මුලාවී ඇති සිතයි බැඳුමට මේ තරම් ලැදි....!!!!





දැඩිව අල්ලා ගන්න තුරු ඒ බැඳුම් අපගෙන් ගිලිහෙනා සැටි ....

මැදහත්ව නිසසලව සිතුවොත් සියළු දුක් වියැකිලා යන සැටි...

බලා හිඳ දැන් දැන් ලැබේයැයි කියන කිසිවක තිර බවක් නැති....

"මම" "මගේ" සීමා තැනූවද හුස්ම යන දා මට "මම"ත් නැති....!!!!!!!



2 comments:

  1. ලස්සනයි අක්කියෝ..ඇත්තටම හරිම අගනා නිර්මාණයක්!!!!

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි ආශා නංගා.....!!!!!! :) :)

      Delete