Pages

Thursday, October 18, 2012

~~~~....නුඹේම වී ඉපදීලා... ඉන්නට ඇත්නම් නුඹ ලඟ....~~~~


සඳ පෑයූ රාත්‍රියක...

පුන් සඳ දෙස නෙතු යොමාන....

නුඹෙ උරහිස හිස තියාන..

ඉන්නට ඇත්නම් මා හට....


නුඹෙ හුස්මට තුරුලු වෙලා....

හැම කඳුලම අමතක කර....

අත් පටලන් නුඹ හා දුර.... 

යන්නට ඇත්නම් මා හට....


කිසිම දාක අයැදුම් රිසි..

නොවන මගේ පුංචි හිතම...

නුඹ පතාන සිටිනා වග... 

කියන්ට ඇත්නම් මා හට.....



මේ බවයෙදි මඟ හැරුනොත්.. 

සසර මඟක කෙදිනක හෝ... 

නුඹේම වී ඉපදීලා... 

ඉන්නට ඇත්නම් නුඹ ලඟ....

2 comments:

  1. දුව, ඔයාගෙ බ්ලොග් එකට ආවෙ අදයි. හරිම ලස්සනයි කවි ටික. ඉවර තියෙන වේලාවට කියවන්නම්. තෙරුවන් සරණින් ඔයාගෙ අනාගතය යහපත් වේවා! කියල සෙනෙහසින්ම පතනවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි චාන්දි නැන්දේ...නැන්දටත් තෙරුවන් සරණින් සියළු කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා...!!!

      Delete