Pages

Tuesday, January 17, 2012

මගෙ අම්මා.....ඉක්මණට සනීප වෙන්න ඕන හොඳේ.....!!!!!!! ♥♥

මේ වැටෙන කඳුළු බිඳු
මගෙ හිතට මොන තරම්
බර වැඩිද දැනේ නම්
සත්තමයි කිසි දිනෙක
අඬන්නේ නෑ ඔහොම...

සිනාසෙන මුත් සැවොම සමඟින්
හදේ සිනහව නැතේ අහලක
දකින විට ඔබෙ මැලව ගිය වත
කෙසේ හිඳිම්ද සිනාසී මම.......

අප දනිමු අප සැම නිබඳ පවසන්නෙ 
නුඹ බිය නොවිය යුතු බව
ඒත් අම්මේ දැනේ මට නම් 
ඔබේ සිත තුල රැඳී ඇති බර.......
ගෙවෙන හැම මොහොතක්ම ගානේ 
පතන්නේ ඔබෙ නිරෝගී බව
මේ තරම් නෙත් යුග වටින්නේ 
නිසාදෝ අපි නුඹෙ ඇස් දෙක..... !!!!!



අම්මට තමන්ගේ දරුවො තමන්ගේ ඇස් වගේම වටිනවා...අපෙ අම්මට එක ඇසක් එක පාරටම නොපෙනී යන බව දැනුනම හිත කොච්චර වේදනාවෙන් පිරුනද කියල මට දැනුනා....අපි දන්නවා ඒක සනීප කරගන්න පුලුවන්..ඒ සැත්කම අමාරු එකක් නෙවේ....

ඒත් අම්මේ....
අම්මට ගොඩක් දුක අම්මා ගොඩාක් අපිට ආදරේ නිසාමයි...රෝහලේ නවතින්න ගිහින් එහෙ නැවතිලා ඉන්න දවස් 2,3 දිත් අම්මගෙ හිත තියෙන්නෙ මෙහෙ තාත්තයි අපි දෙන්න ලඟ බවයි අපි දන්නවා...

අපිට පාළු හිතේවි අම්මේ...මෙ ගිරවීයෝ දෙන්නා නැතිව අම්මටත් ගොඩාක් පාළු දැනේවි....

ඒත් අම්මා හොඳටම සනීප වෙලා එන්නකෝ....අපි අම්මා ලඟින්ම ඉදන් අම්මාව ආදරෙන් බලා ගන්නවා.....

ඉතින්..,
මගෙ අම්මා.....ඉක්මණට සනීප වෙන්න ඕන හොඳේ.....!!!!!!! ♥♥




8 comments:

  1. ඔව් අපේ අම්මා ඉක්මණට සනීප වෙන්න ඕන හොඳේ.....!!!!!!!

    ReplyDelete
    Replies
    1. ඔව් මගේ මල්ලියෝ.......!!!

      Delete
  2. Don't worry she is gonna be alright..

    ReplyDelete
    Replies
    1. thanks for ur encouragement Ashan........!!!!!

      Delete
  3. අම්මා රටක් වටිනා අපේ අම්මා..
    හ්ම්ම් අක්කගේ අම්මාට නිරෝගී සුවය හදවතින්ම ප්‍රර්ථනා කරනවා

    ReplyDelete
    Replies
    1. බොහොම පින් නංගියෝ.....!!!

      Delete
  4. කොහොමද දැන් අම්මාට ?? නිරෝගි සුවයෙන් ඉන්නවාද ???

    ReplyDelete
    Replies
    1. ඔව්....දැන් අම්මට සුවයි....බොහෝම ස්තූතියි........!!!

      Delete