Pages

Sunday, January 29, 2012

නුඹ නොදනී.....මුළු ලොවත් නොදනී....!!! මා නුඹට, නුඹේ මිතුදමට මේ තරම් ආදරේ වග....!!!

සත්තමයි නුඹ මට මහමෙරක් තරම් වටිනා වග
නුඹේ මිතුදමට මා වදනකින් කිව නොහැකි තරමටම ආදරේ කරනා වග
නුඹ නොදනී.....මුළු ලොවත් නොදනී....!!!
පුදුමයි මට නම් මං ගැනම.....
කිසිවකුත් නොපවසා කිසිවකුත් අඟවන්නේ නැතිවම 
මගේ හිත හිඳිනා අපූරුව.....

ඇත්තටම නුඹ නම්......
මොන තරමට වැඩ තිබුණත්....කොච්චර මහන්සියෙන් හිටියත්...
මගේ ජීවිතේ දුක කඳුල හරිම පරිස්සමෙන් අහන් ඉඳලා.....
මගේ හිත හදන්න දෙන එක පිලිතුරම ඇති....මට....!!!


අද වෙනතුරු නුඹෙ හඬවත් නොඇසුවාට...
නුඹව දෙනෙතින් සජීවි ව නොදැක්කාට......
මේ තරමටම නුඹේ මිතුදම මට වටින්නේ.....
ඇත්තටම නුඹ හොඳම හොඳ මිතුරෙක් බව මට දැනෙන නිසාමයි.....
ඒ මිතුරුකම මුළු ජිවිත කාලය පුරාවටම මගේ ලඟින්ම තියාගන්නට ඇත්නම්....
සත්තමයි....මං ගොඩාක් වාසනාවන්ත වේවි....!!!





4 comments:

  1. හරිම ලස්සනයි අක්කියෝ,.. :D

    ReplyDelete
    Replies
    1. අනේ බොහෝම ස්තූතියි නංගියෝ......!!!! <3<3

      Delete
  2. එහෙම මිතුරුකමක් කියන්නෙ මැණිකක් වගෙයි නේද අක්කෝ...ලස්සනයි.එ් කෙනා මේක දැක්කොතින් ගොඩාක් සතුටු වේවි..))))

    ReplyDelete
  3. ම්ම්ම්ම්ම්ම්ම්.....ඔව් නංගියෝ....එයත් හරි මට මගෙ පණත් හරි....කවදාකහරි මේ හැමදේම එයා වෙනුවෙන් කියලා එයා තේරුම් ගත්තු දවසක් ඒවි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නවා....:)

    ReplyDelete