Pages

Thursday, April 5, 2012

මිය ගිය සිතුවිලි.........!!!!!!!

නුඹෙ සැප දුක හොයපු හිතම අදින් පසුව ගොළු වේවී....
නුඹ දුන් දුක දැරූ නෙ'තඟ ගැලු කඳුළැලි නිම වේවී.......
මා නිසසල බව දැනුනම නුඹගේ සුසුමන් පාවී.......
මගේ වතේ දැවටෙද්දී මට ඒ බව නොදැනේවී.......!!!!

සැවොම හඬන නිසා ඉතින් බොරු කඳුළැලි හෙලන්නෙපා...
මගෙන් මිදුණු සතුට වෙතොත් සිනහා සඟවන්න එපා....
යළි සසරෙදි හමු වූවොත් මේ ලෙස දුක් දෙන්න එපා....
මා මෙලොවින් නික්මෙන දා නෑවිත් නම් ඉන්න එපා....

කවදා හෝ මියෙනා බව නුඹ හට අමතක වුනාද...?
එක සිනහා පොදක් නුඹෙන් ලබන්න පින් මදි වුනාද....?
මේ හදවත කවදා හරි නවතින බව නොහැඟුනාද....?
පියවද්දිත් නෙත පිරි තෙත නුදුටුව සේ හිඳියි නේද....?

6 comments:

  1. යළි සසරෙදි හමු වූවොත් මේ ලෙස දුක් දෙන්න එපා....
    මා මෙලොවින් නික්මෙන දා නෑවිත් නම් ඉන්න එපා....
    මගෙත් එකම පැතුම දැන් නම් එච්චරමතමයි............:'(

    ReplyDelete
  2. කවි තුනම සිරා...දෙවැනි එක ගොඩක්ම ලස්සනයි... එළ...

    ReplyDelete
  3. බොහෝම ස්තූතියි රවීන්..........!!!!!

    ReplyDelete
  4. ජීවිතේට ආපු නැති කෙනෙක් වෙනුවෙන් මැරෙන්න යනවද :O

    ReplyDelete
    Replies
    1. කවදාවත්ම නෑ..... තමන්ගෙ ජිවිතේ ගැන වටිනාකමක් නොදන්න කෙනෙක් වෙනුවෙන් මැරෙන එක තේරුමක් නැති වැඩක්.....මේක සිතුවිල්ලක් විතරයි....:)

      Delete