නීල ආකාසයේ පෑයු පුන් සිසි වතේ.....
පින් පාට එදා මෙන් අදත් නොමැකී තියේ....
ලුම්බිනියේ මිහි මතේ පිපුණු පියුමන් සතේ....
මහරු සිදුහත් කුමරු වැඩි මොහොත සිහි වෙතේ....
ගිහි ගෙයම කලකිරී අභීනික්මන යෙදුන....
උතුම් දින බෝසතුන් වතේ සුපහන් හැඟුම.....
දකින්නට පින් පිරූ සුපින්බර සඳ මඬල....
එළි කලා මඟ දෙපස බෝසතුන් පිය නඟන.....
සියළු කෙළෙසුන් නිවා සිතම දමනය කලා.....
අමිල දහමක් අපේ තුන් ලොවට ඉපදුනා.....
පුන් සඳම උතුම් වූ බුදු රැසින් නැහැවුනා....
බුදු රදුන් දකින්නට සඳ එදත් පින් කලා.....
පලමු දම් දෙසුම වෙත දෙව් බඹුන් ඇදෙද්දී....
තාරපති අහස් කුස සිසාරා බැබලුණා.....
සාදු සාදූ හඬින් සවන් පත් පිරෙද්දී.....
පහන් වී දම් අසා සව් සතම සැනහුණා......
ලොවම අඳුරුව ගියා නිනව්වක් නෑ ඉතින්.....
ඇත කොණකටම වී සඳත් සිටියා සොවින්.....
පිරිනිවන ලං වෙලා මුළු ලොවම වී ගිලන්.....
පුන් සඳේ අපි තවම සසරෙ සොයනෙමු නිවන්.....!!!!
No comments:
Post a Comment