Pages

Tuesday, July 31, 2012

~~සරණක් අවැසි සිතකට පිහිටක් වෙමුද එක්වී~~~

ආදරණීය සොඳුරු සිත් ඇති මිනිසුනේ..!!! 
මේ සහෘද ආමන්ත්‍රණය ඔබේ සංවේදී සිතටයි.......!!!!! 


අනුන්ගේ දුක කඳුලට සංවේදී වන්නට තරම් තෙත් බවින් පිරි සිතක් හිමි ඔබව මං අමතන්න හිතුවේ ඇත්තටම මේ කඳුළු කථාව මගේ නෙත් දෙකත් කඳුලින් තෙත් කරපු නිසාමයි.......


මං කියන්න සැරසෙන මේ කථාවේ කථා නායකයා වයස අවු: 12ක පුංචි දරුවෙක්.ඒ දරුවගේ නම ධනංජය කුමාර මුණසිංහ දිනපතා පුවත්පත් වල, සති අන්ත පුවත්පත් පිටු පුරවාන අපි දකින දුක් කඳුළු කථා ගොන්නෙන් සැඟවුණු මේ දුක්බර කථාව අපේ ඇස් මානයට ගෙනෙන්නටවත් ඒ පුංචි දරු පැටියාට ශක්තියක් නෑ ඇත්තමයි ඒ පොඩි දරු පැටියා උපන් දා සිටම ඔත්පලයි. ඔහුගේ ලෝකය වැතිරී සිටින පුංචි පැදුරු කබලටම සීමා වෙලා. කන්න බොන්න පුළුවන් කමක් ලැබුණු දවසේ ඉඳන් ඔහුගේ ආහාරය වුණේ මාරි බිස්කට් කෑල්ලකුයි කෙහෙල් ගෙඩියකුයි විතරයි. ඔහු තුන් වේලටම ගන්නේ මේ පුංචි ආහාරය විතරමයි.......
දොස්තර වරුන්ගේ අදහස හැටියට මේ දරුවාට ජීවත් වන්නට ඇත්තේ ඔහුට අවුරුදු 15ක් තරම් කාලයක් වනකම් පමණයි....!!!!!!!!!


කිව්වට විශ්වාස කරන්න හිතවතුනි…!!!!!
මේ කථාවේ දුක්බරම කොටස ඒක නෙවෙයි. මේ පුංචි දරුවගෙ පියාට උගුරේ පිළිකාවක්. ඔහුගේ පණ නල ගැටගහ ගන්න ඔහුට ගන්න පුළුවන් එකම ආහාරය සුප් කෝප්පයක් විතරයි.....

මේ පවුලේ යම් තරමකට හරි වැඩක් පලක් කරගන්න පුළුවන් මානසික ශක්තියක් තියෙන්නේ මේ දරුවගෙ මවුට විතරයි. ඇය පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක රෝගීන් ඇතුළු කරන සේවිකාවක් විදියට සේවය කරමින් මේ පවුල පෝෂණය කරනවා. ඒත් මේ ළඟකදි ඉඳන් මොකක්දෝ අවාසනාවකට ඇයගේ අතක පණ නැතිවීමක් නිසා දැන් ඒකටත් ප්‍රතිකාර ගන්න වෙලා........

ඇත්තටම මේ කථාව මං ඇහුවෙ මගේ දයාබර මිතුරිය "සුමුදු රාජකරුණා" සොයුරියගෙන් දුරකථනය හරහා. ඇයගේ දයාබර මවුතුමිය මේ පවුල විඳින දුක් කන්දරාව සියැසින් දැකලා පුදුම තරම් විදියට දෑස් තෙත් කරන් තිබුණා. ඇත්තටම ඇයගේ දයාබර ඉල්ලීම තමා සුමුදු සහ මම එකතුවෙලා මේ ඉටු කරන්නට යෙදුණේ. 


අන් අයගේ සිනාවට ආදරය කරන, අන් අයගේ නෙතින් වැටෙන කඳුළු පිසදාලන්නට දෑත් දිගුකරන්නට දෙවරක් නොසිතන ඔබ සැම මේ කඳුළු කථාවට සංවේදී වුණා නම් ඇත්තටම කීවොත් මේ පුංචි දරුවා ජීවත් වෙලා ඉන්න කාලයක් තුරාවට අපිට අවශ්‍ය ඔහුට ඔහුගේ පවුලට සහනයක් වෙන්නයි. ඒකයි අපේ ප්‍රධාන අරමුණ.

ඒ සඳහා අපි පුංචි අරමුදලක් පටන් ගන්න අදහසක් තියෙනවා. ඔවුන් විඳින මේ දුක් කන්ද දශමයකින් හරි අඩු කරගන්න පුළුවන් නම් ඇත්තටම ඒක ඔබට කරන්න පුළුවන් උතුම් ම පුණ්‍ය කර්මයක් වේවි......!!!!!!!!


නම- දනoජය කුමාර මුණසිoහ 


පදිoචිය- 130/c, මීගම්පිටියවත්ත, කොටකෙදෙනිය, වැලිගල්ල. 


උපන් දිනය- 2001.02.25

වයස- අවුරුදු 12

                     දුරකථන අoකය-  +94 0779648954  
                 

ගිණුම් අoකය- 018200150023407

 W.M.H.K පලිපාන මහත්මිය

මහජන බැoකුව -ගම්පොල ශාඛාව


මේ.... ඒ කුඩා පුතුගෙ මව ගැන මට දැණුනු දේ.........


දස මසක් කුස හොවාගෙන...
අහස් කුස තෙක් පැතුම් පොඳි බැඳ......
ජීවිතේ දුක් බැමි සිතින් විඳ ගෙන...
දකිනු රිසි වූයේ නුඹෙ පුංචි වත මඬල.......



නුඹේ වයසෙම පුංචි උන්....
පෑන් පැන්සල් සමඟ යහළුව සිටී සතුටින්.....
ඇදී යන සඳ මගේ මනසේද නුඹේ දඟකම්.....
නැඟෙන කඳුළැලි වලට කෙසේ සමු දෙම්ද පුතුනේ මම්.....!!


සිහින සැම වියැකී බිඳෙද්දී...... 
නිහඬ නෙත රහසින් හැඬූ සැටි.....
ලිපෙහි ගින්නක් ඇවිලෙනා බව..... 
නොදැක ඉහිළූ කප්පරක් ගිනි......
සිඟිති පුතු දකිනා සෑම වර..... 
හදවතද දා අළුව යන සැටි.....
නොදුටු දෑසින් නෑසු සවනින්..... 
කොයිබදෝ වැඩ සිටියෙ සිව් දෙවි......



ඇගේ මවු සෙනෙහසේ සීමා..... 
අමුණගන්නට මට වදන් නැත.....
නුඹේ පිහිටක් ඇගේ ඒ සිත..... 
සිඟා අයදින්නටද රිසි නැත.....
උණු වුනේ අපෙ හදවතයි අද..... 
ඇයට සරණක් අවැසි වී ඇත.......
නුඹේ සිත තෙත් වෙනා තරමට.....
 වියැලේවි ඇගෙ නෙත පිරූ තෙත......!!




No comments:

Post a Comment