Pages

Friday, July 20, 2012

~~~~.....මගේ සිතයි කඳුළු කැටයි.....~~~~


මේ මගේ සිත මුමුණන හඬයි...........,

සිඳු රළ පෙළ ඇවිත් මකන පා සටහන් වගෙ හරියට...
නුඹේ සිතත් මා අමතක කලා නේද හරි විගහට....
ඒත් ඉතින් අසරණ මගෙ ගල් සිත කෙටු අකුර ලෙසට....
නුඹ ගැන ඇති මතක පොකුර මකන්න බැරි හැටි ඇත්තට...




කඳුළු පොදි පිටින් ගැලුවා - දෝරෙ ගලන වැස්ස වගේ...
කඳුල මැද සිනා මැවුනා - වැහි මැද දේදුන්න වගේ..
කඳුළැලි වියැලේවි හෙමින් - මහ වැහි පායනා ලෙසේ....
නාඬා ඉතින් හිනා වෙයන් - සුපිපුණු සුදු නෙළුම් මලේ...!!!



මගේ කඳුලු වලට, කතා කල හැකි නම්...
                                          කියාවී මෙසේ....,


නුඹේ සිනාවට අදරැති - අරුමැති සිත හමුවන තුරු.....
කල්ප කලක් වුව ඉන්නම් - නුඹෙ නෙත ලඟ මං නිරතුරු...
උණු කඳුලට සමු දීලා- සතුටු කඳුල වී දිවි තුරු....
"ඔහු" තැළි පළඳවන දිනේ සතුටින් සරසමි යුග නෙතු....!!!!



10 comments:

  1. superb akki......
    කඳුල මැද සිනා මැවුනා - වැහි මැද දේදුන්න වගේ.....
    me pade nam attatama niyamayi... :)

    ReplyDelete
  2. ස්තුතියි මලයන්ඩි....!!!!!!!!! :)

    ReplyDelete
  3. ඒත් ඉතින් අසරණ මගෙ ගල් සිත කෙටු අකුර ලෙසට....
    නුඹ ගැන ඇති මතක පොකුර මකන්න බැරි හැටි ඇත්තට... ai nangi mehma wela tiyene apita................:(

    ReplyDelete
    Replies
    1. අනේ ඒක නම් මටත් උත්තරයක් නැති ප්‍රශ්නයක් අක්කියෝ.....හ්ම්ම්ම්ම්...

      Delete
  4. හරිම ලස්සනයි අක්කෙ කවි පෙල..හිතට දැණුනා ගොඩක්..

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි ආශා නංගියෝ....!!!! :)

      Delete
  5. Replies
    1. sthuthiyi Red nanga........duka kiyannet rasayak ne nangiyo....:)

      Delete