පස් මිටට වැසී නුඹ නොපෙනිලා යන තුරුම...
බලා උන්නෙමි දුරින් එක මිටට ගෙන මතක...
දල්වාපු පහන් සිල වියළි පවනට මුසු ව...
නිවෙන විට කෙඳිරුවෙත් අනියතම බව නොවෙද...?
නිහඬවම සිනා පිරි මුවින් නිති ළඟ රැඳුන..
මතක ඇත නුඹෙ වදන් සවන රැඳි හැම දිනම..
නොකියාම යන්ට පෙර එක වරක් පෙර ලෙසම...
හිනාවක් පුදන්නට අමතක කලේ කිමද...?
නුඹ නො එන ලෙස ගියැයි දුටුව නෙත තෙත් වුණා..
ළඟින් සිටියේ නැතත් අතීතය සිහි වුණා...
නුඹ දකිනු රිසින් මා දෙපා යුග එසවුණා..
පුංචි යෙහෙළිය මහී මවු තුරුළෙ සැතපුණා..
ළඟම හිඳ වෙන්වුනත් තියා කඳුලැලි බිඳක්...
වසර ගණනක් නොදැක ගියත් නොපෙනෙන දුරක්...
දැනෙන දුක එකයි එය හිතට දැනුණා හුඟක්...
අනේ ආයිත් එන්න අපට පාළුයි ගොඩක්...!!!!!!!
ඇය රමාධා ගිහාරි ගමගේ.....මගේ පාසලේ මිතුරියක්, පසු ගිය ඔක්තෝබර් 06 වැනිදා, සෙනසුරාදා,ඇතිවුණු හදිසි අසනීප තත්වය උග්‍ර වීම හේතුවෙන් ඇය සදහටම අපෙන් සමු ගත්තා.ඇය වෙනුවෙන් කරන්න පුලුවන් ලොකුම දේ වුණේ අවසාන වතාවට ඇයව බලන්න යාම විතරමයි...
රමාධා, අනුලා විද්‍යාලයේ 2007 අපේ කණ්ඩායමේ හිටපු පුංචිම සහෝදරිය...හරිම නිහඬ චරිතයක්...හිනා වෙලාම තමා ඉන්නෙ ගොඩක් වෙලාවට....ඇයව මට ගොඩාක් සමීපව ඇසුරු කරන්න අවස්ථාවක් ලැබුනෙ නෑ..ඒ වුණත් ඇය මාත් එක්ක බෙදා හදා ගෙන තිබුණු වචන කීපය උනත් මේ වගේ මොහොතක මොන තරම් මතකයක් ඉතිරි කරලා යනවද කියල හිතුණා.....
ඉතින් ඔබ වෙනුවෙනුයි මේ පබැඳුම.....
දයාබර යෙහෙළියේ...ඔබට නිවන් සුව ලැබේවා....'!!!!!
යළි කවදාවත්...
හමු නොවෙනා බව....
මඳ පවනත් හිස අතගා කීවද...
අදහා ගන්නට...
නොහැකිය කිසි විට....
ඇය යළි නො එතැයි ගිම්හානෙට පෙර.....
(ඡායාරූප අයිතිය : සඳුනි විලාශා සෙන්දනායක සොයුරිය)