Pages

Wednesday, October 3, 2012

සසර මතු මතු හිත නිවෙන තුරු ආදරේ නුඹටයි දෙවින්දූ....





ආදරෙයි මං නුඹට මෙතෙකැයි කියා ගන්නත් බැරි තරම්...
නුඹේ උරහිස තරම් සිහිළස සුවය වෙනතක නැති තරම්...
ඔය නුවන් තුළ මා දකින්නට අනේ මා පින් කල තරම්...
හැඟෙන විට ඔය සිත මගෙම බව සිතෙයි ඉගිලෙන්නට තරම්...


උදා වී සුපහන්ව මා හද පුබුදු කල ආදර දිනින්දූ...
රකිමි නුඹ මගෙ පණට නොදෙවෙනි වටින තව කවුරුත් කොයින්දෝ...
මගෙ පුංචි ලෝකයෙ අඳුර බිඳ මගෙම වී හිනැහෙන තරින්දූ..
සසර මතු මතු හිත නිවෙන තුරු ආදරේ නුඹටයි දෙවින්දූ.....

නුඹ දකින්නට පොපියනා නෙත පියන්නට මේ රෑ සිතක් නැත...
රන් රුවක් සේ මැවෙන නුඹෙ වත මහමෙරක් සේ මට වටිනු ඇත...
බලා ඉන්නම් කල්පයක් වුව සහස් සුවහස් පැතුම් පොදි බැඳ....
නුඹ දකින තත්පරය වුව සත්තමයි මා සිත නිවාලනු ඇත.......!!!

6 comments:

  1. ආදරයේ උණුසුම ළඟ දුක දැනෙන්නේ නෑලුනේ!;)

    ReplyDelete
  2. දුක් කරදර නැති දවසට දුර පෙනෙන්නෙත් නෑලුනේ..:) :)

    ReplyDelete
  3. ඔය නුවන් තුළ මා දකින්නට අනේ මා පින් කල තරම්...
    හැඟෙන විට ඔය සිත මගෙම බව සිතෙයි ඉගිලෙන්නට තරම්...

    ඇත්තටම ගොඩක් ලස්සනයි අක්කේ.හරිම ආදරණීයයි.ඔන්න අද ඉදන් මාත් එනව ඉමාගෙ සිතුවිලි කියවන්න.මෙච්චර කලක් පුදුමයි මේ බ්ලොග් එක මග ඇරිලා තිබුණා.හරි ලස්සන කවි සිතුවිලි තියෙන ඉසව්වක්නේ.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි වර්ෂා නංගියෝ....මීට පස්සේ මම නම් ලියන්නේ නෑ....මං වෙනුවට මගේ පුංචි නංගි ලියාවි....එයාගේ කවි රස විඳින්න කියලා එයා වෙනුවෙන් මං ඔයාට ආදරයෙන් ආරාධනා කරනවා...:)

      Delete
    2. ඔයාගෙ පුංචි නංගී වුණාට සමහර විට එයා මට අක්කා වෙන්නැති නේද අක්කියෝ.මං 96නේ.නංගි ලිව්වත් හැමදාම බලනවා අක්කේ.. ඒත් ඔයාටත් තව බ්ලොග් එකක් ලියන්න පුළුවන්නේ.දෙන්නම ලියන කොට හොදයිනේ..!

      මං එක පෝස්ට් එකක සුබ පැතුව හින්දා ඉතින් ආයෙත් සුබ පතන්නෑ හොදේ..!

      Delete
    3. එයාත් ඔයාගෙම වයසෙමයි නංගියෝ.....ස්තූතියි ඔයාට ගොඩාක්...

      Delete