Pages

Sunday, September 9, 2012

බලාපොරොත්තුව දෝත දරා මඟ බලා හිඳී ඔබ එනතුරා....!!!!!!


නොපෙනෙනා දුර හිඳන් හිනැහෙන නුඹේ නෙතු යුග දෙස බලා....
හෙට දවස ගැන සොඳුරු පැතුමන් කප්පරක් සිත තුළ දරා.....
ජීවිතේ නුඹ නමින් ලියැවෙන නව පිටක අත පොත් තියා.......
නුඹව දුටු මුල් දිනේ මා වෙත පෑව මදහස සිහි කලා.......!!!!!

මුකුලිතව මැලවුණු සිනා මල් නුඹ නිසා විකසිත වෙලා.....
හිරු මැදින් පිබිදෙනා හැම දින නැවුම් අරුතින් බර වෙලා........
මියෙන්නට ගිය ජීවිතයකට පණ දුන්නු මහිමය බලා........
මුළු හදින් මා නුඹට කැප වෙමි ආදරෙයි නුඹ හට සදා.....!!!!

පුංචි තරු කැටය නුඹ මගේ ලොව එළිය කල.....
පුංචි මල් කැකුළ වී මගෙ දිවිය සුවඳ කල....
මමයි දඟකාරි නුඹෙ උණුහුමට ලෝබ කල....
එනතුරා මඟ බලමි ආදරය තුරුළු කර.............!!!!!!!

ජීවිතේ මා දුටුව සොඳුරු සිහිනයයි නුඹ....
වියැලුවා කඳුළු අතුරා සිහින් සිනා පොද....
පතන්නේ එකම පැතුමකි මගේ ගැහෙන හද....
මගේ වී හැමදාම හිඳිනු මැන මගේ ළඟ....!!!!

පෙනෙන නොපෙනෙන පෙනී පෙනී නොපෙනෙන....
දකින්නට නෙතු දෙක පෙරුම් පුරන නමුදු දකින මඟ ඇහිරෙන....
කවදා හෝ එක්ව ගයන්නට ලැබෙන තුරුම ඉවසා ගෙන හිඳින....
සුන්දරම ගීතයකි හදවතේ කොණකට වී නිහඬවම පබඳින.........!!!

2 comments:

  1. සිංදුවකටත් ගන්න පුලුවන් වේවි වගේ

    ReplyDelete
  2. මාතෘකාව නම් මගේ ප්‍රියතම ගීතයක පද පේළියකින් උපුටා ගත්තට ඇත්තටම ගීතයකට ගන්න පුළුවන් ප්‍රශස්ත මට්ටමක මේ කවි පේළි ටික තියේවි කියලා හිතුවේ නෑ...බොහෝම ස්තූතියි හසිත සොයුරේ ඔබේ ඇගයීමට .....:)

    ReplyDelete