සත්තමයි නුඹ මට මහමෙරක් තරම් වටිනා වග
නුඹේ මිතුදමට මා වදනකින් කිව නොහැකි තරමටම ආදරේ කරනා වග
නුඹ නොදනී.....මුළු ලොවත් නොදනී....!!!
පුදුමයි මට නම් මං ගැනම.....
කිසිවකුත් නොපවසා කිසිවකුත් අඟවන්නේ නැතිවම
මගේ හිත හිඳිනා අපූරුව.....
ඇත්තටම නුඹ නම්......
මොන තරමට වැඩ තිබුණත්....කොච්චර මහන්සියෙන් හිටියත්...
මගේ ජීවිතේ දුක කඳුල හරිම පරිස්සමෙන් අහන් ඉඳලා.....
මගේ හිත හදන්න දෙන එක පිලිතුරම ඇති....මට....!!!
අද වෙනතුරු නුඹෙ හඬවත් නොඇසුවාට...
නුඹව දෙනෙතින් සජීවි ව නොදැක්කාට......
මේ තරමටම නුඹේ මිතුදම මට වටින්නේ.....
ඇත්තටම නුඹ හොඳම හොඳ මිතුරෙක් බව මට දැනෙන නිසාමයි.....
ඒ මිතුරුකම මුළු ජිවිත කාලය පුරාවටම මගේ ලඟින්ම තියාගන්නට ඇත්නම්....
සත්තමයි....මං ගොඩාක් වාසනාවන්ත වේවි....!!!