මිනිස් වූ නොමිනිසුන් මැද මං දහස්වර වැලපෙන්නැතී....
මා හැඬූ හැම වාරෙදිම ඔබ මා නිසා වැළපුණු හැටී.......
අපට නොදැනී අපට නොකියා සිතින් ඉහිලූවත් ගිනී.......
කිසිම අඩුවක් නොකර අපගේ කුසේ ගිනි නිවලූ හැටී.......!!
කඳුළු බිඳුවක් හෙලන්නෑ මං ඒ නුඹෙ රුහිරම නිසා....
මගේ සිත බිඳ ගන්නෙ නෑ මට වඩා නුඹ දුක් වන නිසා.....
සතුට දකිනට පින් කලා මං නුඹෙ පැතුම් ඉටු කල නිසා.......
අපි ගොඩක් වාසනාවන්තයි ඔබ අපෙම අම්මා නිසා .....!!!
අපේ ජීවිත නැවුම් හුස්මෙන් පුරවනා පණ නල ඔබයි....
මේ පුංචි පැල සිනා ඇතිරූ සොඳුරු තම ගීතය ඔබයි.....
ආදරය මැද ගෙවුනු දිවිමඟ පනස් සය වසරට ලබයි....
දිගාසිරි ලැබ වැජඹෙන්න නිති අපේ ලොව රැජිණිය ඔබයි.......!!!!
ආහ් අම්මට දැන් සනීපයිනේ. මේ ඉන්නේ ලස්සනට හිනා වෙලා :)
ReplyDelete:) :)
DeleteThis comment has been removed by the author.
ReplyDelete