Pages

Friday, June 8, 2012

~~~~........දයාබර සිතැත්තී ඔෂින්.......!!!!~~~~


විඳ නේක දුක් කරදර.....
උහුලා සීත හිම මත.....
ෆූජි කඳු මුදුනටත් උඩින්..... 
උණුසුම් සුසුම් වැල් පා කර....... 
දිනා සොඳුරු වූ ජීවිතය........ 
සිනාසුනු සැටි දුටුවෙහිද සිරි කත.......!!!!!!

කඳුල දියකර දිරිය අතුරා.....
හදෙහි පිරි ආදරය පතුරා......
දිවි මඟ නොසැලී තරණය කෙරුමට.....
නුඹ මිහි මවුට පෙන්වූ සවිය ඉමහත්......!!!!!

වසර ගණනක් එපිටින්......
දුටුව නමුදු මේ දිරිමත් ගැහැනිය.......
එදා මා පොඩි දරුවෙකි.......
නුඹේ සවියෙහි තරම හරිහැටි නොහැඟුණු......!!!!!

නමුදු අද නුඹ දෙස බලමින්......
නුඹේ සවිමත් සිත මා තුලින්ද සොයමින්.......
මමද වන්නට වෙහෙසෙමි........
නුඹ වන්ම නොසැලී..........
කඳුළු හා සටන් කල හැකි දිරිමත් වූ කතක්........!!!!!



ඔබ විසින් ප්‍රතිනිමැවුම් කල...... 
එකී සැබෑ චරිතය තුලින් අත් දුටු...........
අචල ආත්ම විශ්වාසය......... 
සෑම මනු සතෙකු සතුවම පවතී නම්........ 
කොතරම් ලස්සන වන්නට තිබුනාද........ 
මේ විසල් ලෝ තලයම...............!!!!!!!

කඳුලැලි දරනු නොහැකිව....... 
සිය දිවියෙන් පලා යන........
නොලද දේම පතමින්......... 
ලද දෙයින් අසතුටු වන.........
මිනිසුන් වසන පොලවෙම.....
නුඹව නිමැවූ අරුමය.....!!!!!!!!

ආදරෙයි සැමදා..........නුඹ හට.........
නුඹටමයි මේ සුන්දරවු ගෙත්තම............!!!!!!!

දයාබර සිතැත්තී ඔෂින්....!!!
නුඹ මට ජීවිතය මේ යැයි කියා දුන්නීය............!!!!!



පසු වදන :

මේ දිනවල ජාතික රූපවාහිනියේ නැවත වාරයක් විකාශය වන "ඔෂින්"ටෙලි වෘත්තාන්තය ජපානයේ වාසය කල සැබෑ චරිතයක් වටා ගෙතුණු විශිෂ්ටතම නිමැවුමක්....ගැහැනියකගේ නොසැලෙන චිත්ත ධෛර්යය, කඳුල, සුසුම,අනෙක විධ දුක්ඛ දෝමනස්සයන් මැදින් ජීවිතය ජයගන්නා අපූරුව ඉතාමත් සියුම් ලෙසින් විග්‍රහ කර ඇති මේ කතා මාලාව වර්තමාන පරපුරට සපයන්නේ කියා නිම කළ නොහැකි මහඟු ආදර්ශ සමුදායක්......අනිවාර්යයෙන්ම අපේ රටෙත් අනන්තවත් මේ වාගේ චරිත ඕනෑ තරම් ඉන්නා බවට කිසිදු සැකයක් නෑ.....

ඒත්,බොහොම සුළු දේවල් මහ විසාල විදියට සිතා ගෙන ජීවිතයෙන් පලා යන්නට සිතන දුර්වල වූ සිත් ඇත්තන්ට ඔෂින් සපයන්නේ මොන තරම් වටිනා පණිවුඩයක්ද?....සිය දිවි නසා ගැනිම් වැඩිම ප්‍රමාණයක් වාර්තා වන රටවල් අතුරින් ඉහලම ස්ථානයක් හිමි කරගෙන සිටිනා සිරි ලංකා මෑණියගේ දූ දරුවන් වන අප සැමට සැබැවින්ම ඔෂින් ගේ ජීවන ගමන කියා දෙන්නේ ප්‍රශ්න වලින් පලා යාමට නොව නොසැලී ජීවිතය සමඟ සටන් කර ජීවිතය ජය ගැනීමටයි........
ඉතින්,මේ ඒ පිළිබඳව සිතන්නට කාලයයි......!!!!!!!

හඬමින් වැලපෙනා නේක හදවත් දිරියෙන් පුරවා ජීවිතය දිනන්නට පන්නරය ලැබ දුන් ඔෂින්ටත්,
අපේ රටේ මෙවන් වූ දිරිමත් සිත් ඇති සියළුම ඔෂින්ලාටත් මගේ මේ පුංචි පද පෙල උපහාරයක්ම වේවා.......!!!!!!

9 comments:

  1. පොඩි කාලේ ඔෂීන් යද්දී ආසාවෙන් බැලුවා. ඒත් දැන් ඒක බලන්නවත් වෙලාවක් නැහැ නොවැ :(

    ReplyDelete
    Replies
    1. නෝනා මේ word verification අයින් කළා නම් අපිට පහසුයි

      Delete
    2. සමා වෙන්න.....මට පොඩ්ඩක් පැහැදිලි කරලා කියන්න පුළුවනිද? බ්ලොග් අවකාශයට මං තවමත් ආධුනිකයි..........:)

      Delete
  2. design -> settings -> post and comments -> show word verification ---> No

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි........!!!!

      Delete
  3. අසාවෙන් බලපු කතාවක්,මේ දවස් වල නම් බලන්න වෙන්නෙ නෑ!
    කවි සිතුවිල්ල ලස්සනට ගලපලා !ලස්සනයි :)

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි නුවන්...............!!!!!!!!! :)

      Delete
  4. කතාවේ වෙන්නේ මොකද්ද කියල මට කිසිම මතකයක් නෑ... ඒත් ඒ කාලේ ගෙදර හැමෝම බලද්දී මමත් වාඩි වෙලා බලන් හිටියා... මේකේ theme music එකනම් මාර ලස්සනයි !!!

    ReplyDelete
    Replies
    1. නැවත විකාශනය වන නිසා මං හිතන්නේ විවේකයක් තිබුනොතින් නරඹන්න හොඳ අපූරුම කතාවක්..... ඔෂින් අද පවතින සමහර හරසුන් බොළඳ දේට හොඳ උත්තරයක් විදියටයි මං දකින්නේ....මමත් ගොඩාක්ම ප්‍රිය කරනවා එහි පසුබිම් සංගීතයට......
      ප්‍රතිචාරයට බොහෝම ස්තූතියි රවින්................!!!!!!!!!!

      Delete