Pages

Monday, June 25, 2012

සැනසීම......



ජීවිතයේ සැම අතකම වෙන් වීමයි තිබුනේ පුතේ.....
එක් වීමක් නැති තැනකදි වෙන් වීමක දුකක් නැතේ.....
බැඳුමන් ගිලිහී යද්දිත් සිනහා අතුරමින් මුවේ.....
හදවත තද කරන් තවත් ඉදිරියටම ඇදෙන් දුවේ.....!!!!

සතුටම නිති සැමදා නැති - කඳුළු කැටත් මුහුවී ඇති
සිනාසුනොත් එක මොහොතක් - තව මොහොතක හඬන්න වෙති
දුක සැප දෙක නිති පෙරළෙති - මේ ලොව දහමත් එය වෙති
ඒ දහමට අවනත ඇති - ඇත්තෝ නිවනට ළං වෙති.....!!!



10 comments:

  1. ඇත්ත අක්කියෝ.. දුක සැප නිතරම පෙරළෙනවා.. ඒක තේරුම් ගන්නවා නම් ගොඩාක් ප්‍රශ්න වලට සාර්ථකව මූණ දෙන්න අපිට පුළුවන් මම හිතන්නේ...

    ReplyDelete
    Replies
    1. ඔව් නංගි...ඒක තමා යථාර්තය.....!!!!!

      Delete
  2. niyamai akki..... lassana pada tika....

    ReplyDelete
  3. අපේ පන්සලේ පොඩි හාමුදුරුවෝ දෙනමගේ උපසම්පදාව පෙරේදා සිද්ධ වුණා. ෆොටෝ එක දැක්කාම මට මතක් වුණේ අපි ඊයේ පෙරහැරේ හාමුදුරුවෝ දෙනම පන්සලට වැඩම කරවපු හැටි

    ReplyDelete
    Replies
    1. අය්යට පින්වන්ත දර්ශනයක් ඇස ගැටිලා තියෙන්නේ..........:)

      Delete
  4. Replies
    1. හ්ම්ම්ම්ම්ම්.........

      Delete