මවක සේ නුඹ පුදන....අනන්ත වු සෙනේහය
සිතේ ගැඹුරුම තැනෙක....නිදන් කර තබා ගෙන
පියෙකු සේ නුඹ රකින....සතුට කඳුලැලි දරන
ඔහුගේ සිතේ.....
සුපහන් බව හැඟෙනා විට පවා......
නිවේ මා සිත නිවේ.........!!!!!
තරවටුද ඉවසා ගෙන....ආදරය බිඳක් වත් අඩු නොකර
දයාවෙන් හදවත පුරෝගෙන.....ඉවසුමෙන් සැනසුමද විඳ ගෙන
ආදරය හරි සීරුවට........ වර්ණ ගන්වා සියුම් ලෙස
සිතුවමට නඟනා නුඹ....
ඇස ගැටෙනා දසුනින් පවා......
නිවේ මා සිත නිවේ.........!!!!!
දිවි මඟේ දුක් ගැහැට....නේක සතුටින් දරාගෙන
උනු'න් වෙනුවෙන් දිවිය..... සදහටම පුදා ගෙන
අහිංසක සිත් දෙකේ.... පැතුම් පොදි දරා ගෙන
සන්තොසින් බබළනා..... හිනැහෙනා ඇස් හතර
අනාගත සුබ සිහින...... වෙතට නිති යොමා ගෙන
උතුරනා සෙනෙහසම..... ජිවිතය කරගත්
නුඹ දෙපළ.........!!!
දකින හැම වාරෙදිම......
සත්තමයි නිවී සැනහී යයි......
මගේ සිත් මඬල..........!!!!!!
ඇත්තටම සිත නිවාලන, ආදරය කියන වදනටත් ආදරය කරන්න හිතෙන තරමටම සුන්දරත්වයක් ඒ දෙදෙනාගේ ආදර අන්දරය ඇතුළේ සැඟවිලා තියෙනවා......
ඉතින්,
ඒ සුන්දර ආදරය තව තවත් සුන්දරව දිලේවා කියලා හදවතින්ම පතන ගමන්ම මේ පද වැල් ගෙත්තම තිළිණයක් ලෙසින් පුදන්නම් මෙසේ.....!!!!
අපිත් ඒ ප්‍රාර්ථනාව එලෙසින්ම කරනවා
ReplyDeleteබොහොමත්ම ස්තුතියි ඔබට......!!!!!!! :) :)
Deleteජිවිත මගේ ආලෝකය දැල්වේවා
ReplyDeleteනැග එන ගැහැට එකිනෙක වියෙකියේවා
අදර මගේ මල් පීදී සරු වේවා
සතරෙස ආදරෙන් එකිනෙක ගැලපේවා
හරිම ලස්සනයි අක්කේ.. ආදරේ කරන්නන හිතෙනවා මේ කවි පන්තිය දැක්කම... ඒ දෙන්නට මාත් සුබ පැතුවා කියන්න...
ස්තුතියි නංගියෝ...අනිවාර්යයෙන්ම ඒ දෙන්නත් ඔයාගේ මේ සුබ පැතුම දකීවි.....!!!!!!! :) :)
Deleteබැඳුණු සිත් සදාකල් නොබිඳීම තිබේවා
ReplyDeleteපැටලී අත් සසරේම වෙන්නොවී රැඳෙවා
පෙමට පෙම පෑහිලා එකා මෙන් සිටීවා
දිගු ජීවිතය ඇතුලේ ජය සදා ලැබේවා...
ඔයාගේ යාළුවන්ට ඔන්න මගෙනුත් උණුසුම් සුභ පැතුම්.. ලස්සන කවියක්..
ගොඩාක් ස්තුතියි නංගියෝ......!!!!!
Deletemath hadawathinma suba pathua kiyanna akki.......
ReplyDeletekaviya mare maru..... :)
ගොඩාක්ම ස්තුතියි මල්ලී.....!!!!!!! :)
Deleteමුල්ම කවිය කියවද්දිම මට හිතුන මට පැටලිලාවත්ද එහෙම නැත්තම් ඔයාට පැටලිලාවත්ද කියල, අන්තිමට පලිය දැක්කම තමයි වැටහුනේ හරියට. ඊට පස්සේ තව පාරක් කියෙවා
ReplyDeleteමං පසු වදන දමපු එක එහෙනම් හොඳට ගියා.....:D :D
Deleteගොඩාක් ස්තුතියි යාළු.....!!!!!! :)