Pages

Wednesday, July 11, 2012

~~~~~~~~~~නිවෙන්නට හැකි නම්~~~~~~~~~~


බැඳෙන හැම බැඳුම ම ලිහෙන විට-ඇලෙන අරමුණු නැතිව යද්දිත්
ලඟින් සිටි අයවලුන් නික්මී-නොපෙනෙනා ඈතට ඇදෙද්දිත්
වෙනස් නොවෙනා එකම දේ-වෙනසමයි බව වැටහී තියෙද්දිත්
ඇයිද මං තව තවම හිඳිමින්-සසර මඟ කෙටි කර නොගන්නේ

මේ තරම් මට කළකිරෙන්නට- කාරණා අපමණ තියෙද්දිත්
ලෝ සතම දුක'ඳුර නිවූ දම්- අමා රස හොඳහැටි දනිද්දිත්
සෑම දේ අවසන විඳින්නට -උරුම දුකමයි, එය හැඟෙද්දිත්
ඇයිද මං තව මගේ කුණු කය- මෙහිම හොවමින් දුක් විඳින්නේ

අනඳ හිමියන් අෂ්ට ගරු දම් -සමග වැඳ අවසර පතද්දිත්
මෙහෙණි සස්නට ගෝතමී- උතුමියන් වෙත අවසර ලැබෙද්දිත්
විශාකාවන්, පටාචාරා- නිවන් මාවත වෙත ඇදෙද්දිත්
ඇයිද මං තව මෙහිම කල්මරමින්- තවත් හිඳ පසු තැවෙන්නේ

නිදහසක් ලබනා ඇසිල්ලෙහි- යදම් බිඳ දා ඉගිලිලා යමි
කිසිදු බැඳුමක වියෝ දුක් ගී- නෑසෙනා ඈතකට දිව යමි
නිසල වූ සිත සසල කරනට සමත්- කිසිවක් රැගෙන නොම යමි
කටුක දුක් ගිරි දුර්ග මඟ හැර- නිවන් මාවත පසක් කරගමි !!








6 comments:

  1. akkeee harima lassana sithuwillak..hamadema atha arala yanawata wada hamoma iddi sitha niwa ganna puluwan nan eka thama lokuma sathuta neda akke?
    lassanama lassana pahan hagimak..jaya wewa

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි දරුවො....ඔව් ඒක ඇත්ත.....!!!!!!!!!

      Delete
  2. සාදු සාදු සාදු

    ReplyDelete