ජනවාරි 12 වෙනිදා, අදට "මා හද අසපුව"ට අවුරුද්දක් සම්පූර්ණ වෙන්න නියමිතව තිබුණා. 2012.01.12 තමා මා හද අසපුවට මං අත්පොත් තිබ්බේ.
ඒත්, අවුරුද්දක් සම්පූර්ණ වෙන්නත් කලින් ම "මා හද අසපුව" මියැදුණා.
2012.12.06 වැනිදා එය ඔබෙන් සමු ගත්තා ඔබට මතක ඇති.
මෙතැන් සිට එය "ඉමාගේ සිතුවිලි" ලෙසින් කළ එළි බහීවි. ඒක වුණේ මෙහෙමයි.
"මා හද අසපුව" සදහටම වසා දමන්නට මං ගත් තීරණයෙන් පස්සේ විවිධ අය ඒ සම්බන්ධ විවිධ මත පළ කළා. සද්දන්ත බ්ලොග් අඩවි මැද පුංචිම පුංචි තිතක් වගේ ඉන්න මගේ පුංචි බ්ලොග් අඩවිය සාගරයක් වගේ පුළුල් බ්ලොග් අවකාශයෙන් සමු ගත්තම ඒ පුංචි තිත නැති අඩුව දැනුණ පිරිසකුත් මං වටා සිටිය බව නිහතමානී සතුටකින් කියන්න කැමතියි.ඒ අතර සිටි එක්තරා බ්ලොග් අඩවියක දැවැන්තයෙක් අවසානයේ මට කරපු දැඩි ඉල්ලීමක් මත අද ඒ කියන්නේ මා හද අසපුව වසරක් සම්පූර්ණ කරන්න නියමිතව හිටපු දවසේ ලිපියක් ලියන්නට මං පොරොන්දු වුණා. ඒ පොරොන්දුව මං අද ඉෂ්ට කළා.
ඇත්තටම මං ළඟින්ම ඉඳලා මාව ධෛර්යමත් කරපු හැමෝටම ගොඩක් පින්. මිනිසුන් අතර නුඹලා දෙවියන් වගේ. අපි මිනිස්සු විදියට ජීවිතේ රඟපාන චරිත අතර මිනිසුන් ම තමා දෙවියන් වන්නේ ත්, ම්ලේච්ඡයන් වන්නේත් එක එක අවස්ථා වලදී. කාලයක් දේවතාවුන් විදියට පෙනී සිටි මිනිසුන් බලා ඉද්දිම ම්ලේච්ඡයෝ වෙද්දි, සමහරු මිනිස්සු පොළොවෙ පය ගහලා ඔළුව කෙළින් තියා ගෙන ඉන්න අවැසි ධෛර්යය ශක්තිය නොඅඩුව ලබා දෙමින් අවශ්‍ය වෙලේදි මං ළඟ හිටියා. ඒ අයගෙනුත් හැමදාකම වගේ හිතේ තිබුණ පුංචි හරි දුක අඳුනගෙන හැමදාම මගේ හිත සැනසෙන්න වචනයක් හරි කියපු දෙවිවරු වගේ මිනිසුන් සුළු පිරිසක් හිටියා.
මිලේච්ඡයන් කා...
සී සී කඩ විසිරුවා.....
ඉරා හම ගැසූ සිත....
පරිස්සමට ගෙන....
දූලි පිසදා....
තුවාල පැසවූ තැන් ඔසුවෙන් පොඟවා...
සුව කරන්නට හැකි පමණ වෙර වීරිය දැරූ....
නුඹ වන් මිනිසුන් නොසිටියා නම්.....
මා මෙළොව හැර ගොස් බොහෝ කල් ය.......
මිලේච්ඡයෝ මිලේච්ඡයෝමයි.මං පුංචි කතාවක් කියන්නම්.අප්‍රිකාවේ නයිල් ගංගාවට ආසන්නයේ ඝන වනාන්තරයක එක්තරා ගෝත්‍රික විශේෂයක් ඉන්නවා.ඔවුන්ගේ ප්‍රියතම ආහාරය තමයි මිනිසුන්ගේ "හදවත".ඒ අවට සංචාරය සඳහා යන සංචාරකයෙක් ඔවුන්ගේ අඩවියට පිවිසුණොත් ඔවුන් කරන්නේ ඒ මිනිසාව අල්ලගෙන අඩපණ කරල අමු අමුවේම ඒ මිනිසාව දෙකට ඉරනවා හදවත ගලවගන්න.හදවත ගලවගෙන ඔවුන් එතනදීම රස කර කර අනුභව කරනවලු.මේ කවිය ලියද්දී මට ඒ දර්ශණය මොහොතකට හිතේ ඇඳිලා නොපෙනී ගියා.
අපි අතර ඉන්න සමහර මිනිස්සු ඒ ගෝත්‍රිකයින් වගේ අමු අමුවෙ හදවත කියන වස්තුව උගුල්ලා ගන්නවා මදිවට ඒ ගෝත්‍රිකයන්ටත් වඩා බොහොම දරුණු විදියට හදවත තළු මරමින් කන්න දන්නව.එතකොට ඇත්තටම උන්ට අහුවෙන අහිංසක මිනිස්සු එක පාර මැරෙන්නේ නෑ,සිය දහස් වර ඒ වෙදනාව නිසා මැරි මැරි උපදිනවා. සංසන්දනාත්මකව එහෙම බලද්දි,වඩාත් දරුණු ඒ ගෝත්‍රික විශේෂය නෙවේ,අපි අතරම ඉන්න සමහර මිනිස්සුමයි.ඒක එහෙම වෙන්න තවත් හෙතුවක් තියෙනවා.ඒ ගෝත්‍රිකයෝ හදවත උගුල්ලා ගත්තට පස්සෙ මලකඳට වද දෙන්නේ නෑ. ඒ වගේම මරණයට පත් වුණ ඒ මිනිසාටත් වේදනාව දැනෙන්නේ හදවත උගුල්ලාගත් ඒ මොහොතට පමණයි.ඒත්,මං අර කීව "සමහර"මිනිස්සු හදවත කන්නේ ඔවුන්ට හසුවන අයවලුන් ජීවත්වෙලා සිටිද්දීමයි.කාපු හදවතේ ලේ විසිරෙද්දි ඒ පණ ඇද ඇද වේදනාවෙන් මිරිකෙන ඒ අසරණ ජීවිතේටත් පයින් ගහලා පාගලා දාලා අන්තිමට උන් පලා යනවා...
ඒත්...
කවදා හරි දවසක ඒ ම්ලේච්ඡයෝ විඳවාවි, සොබාදහම ඔවුන් පිළිබඳ තීරණයක් ගනීවි. දෙවිවරුන් වන් මිනිසුන් මෙලොව ජීවත් වන්නට අවැසි හුස්ම පොදට ආදරය කරන්නට වත් අපව පොළඹාවි. ම්ලේච්ඡයන්ගෙන් කරුණාව දයාව බලාපොරොත්තු වන්නට එපා. දෙවිවරු වන් මිනිසුන් හඳුනාගෙන ජීවිතය විඳවන්නේ නැතිව විඳින්න. මං ඉගෙන ගත්තු ලොකුම පාඩම එයයි.
ඉතින් ජීවිතයේ ස්වභාවය ඒකයි. කවුරුවත් කාත් එක්කවත් තරහ මරහ ඇති කරගෙන හිත් බර කරගෙන ජීවත් වෙන්න ඕනි නෑ. ජීවත් වෙලා ඉන්න කෙටි කාලය ඇතුළත හිත නිරවුල්ව තියාගෙන ජීවත් වීමයි වැදගත්. කාටවත් වෛර කරමින්, පැසවමින්, සතුරන් වැඩි කරගනිමින් නිවනට දුර වෙන්න එපා. මං ඉල්ලන්නේ එච්චරයි....
කවදා හරි දවසක ඒ ම්ලේච්ඡයෝ විඳවාවි, සොබාදහම ඔවුන් පිළිබඳ තීරණයක් ගනීවි. දෙවිවරුන් වන් මිනිසුන් මෙලොව ජීවත් වන්නට අවැසි හුස්ම පොදට ආදරය කරන්නට වත් අපව පොළඹාවි. ම්ලේච්ඡයන්ගෙන් කරුණාව දයාව බලාපොරොත්තු වන්නට එපා. දෙවිවරු වන් මිනිසුන් හඳුනාගෙන ජීවිතය විඳවන්නේ නැතිව විඳින්න. මං ඉගෙන ගත්තු ලොකුම පාඩම එයයි.
ඉතින් ජීවිතයේ ස්වභාවය ඒකයි. කවුරුවත් කාත් එක්කවත් තරහ මරහ ඇති කරගෙන හිත් බර කරගෙන ජීවත් වෙන්න ඕනි නෑ. ජීවත් වෙලා ඉන්න කෙටි කාලය ඇතුළත හිත නිරවුල්ව තියාගෙන ජීවත් වීමයි වැදගත්. කාටවත් වෛර කරමින්, පැසවමින්, සතුරන් වැඩි කරගනිමින් නිවනට දුර වෙන්න එපා. මං ඉල්ලන්නේ එච්චරයි....